ශ්‍රී ලාංකේය පැරණි විහාර සංකීර්ණ විශේෂයක් වන පබ්බත විහාර පිළිබඳව සාකච්ඡා කිරීමේදී එය දිගු ඉතිහාසයකට ගමන් කරයි. එනම් මහාවංශයේ ථූපාරාමයේ වූ බුදු පිළිමයක් ක්‍රි.ව. 03 වන සියවසයේදී පමණ ප්‍රාචීන තිස්ස පබ්බත විහාරයට රැගෙන යාමත්, අනතුරුව එය අභයගිරි විහාරයේ ස්ථීර ලෙස පිහිටුවීමක් පිළිබඳව සඳහන්ය. මේ අනුව අභයගිරිය හා පබ්බත විහාර ආශ්‍රිතව සමීප සබඳතාවයක් පවතින බව පැහැදිලිය. මෙයට අමතරව මහාවංශයේ ශිලා මේඝවන පබ්බත විහාරය, උදය කිතක්ත බෝධි පබ්බත විහාරය ආදී නාමයන් සඳහන්ය. පබ්බත විහාර ලෙස
විජයාරාමය
පන්කුළිය
පුළියන්කුලම
මගුල් මහා විහාරය
තොලුවිල
කලුදිය පොකුණ
මැණික්දෙන
වෙස්සගිරිය
පුලුකුණාව
හඳුන්වාදිය හැකිය.
අනුරාධපුර විජයාරාමය
තොලුවිල
මෙම විහාරයන්ට ප්‍රථමයෙන්ම පබ්බත විහාර ලෙස ව්‍යවහාර කරන ලද්දේ පරණවිතාන මහතා විසිනි. නමුත් යටත්විජිත පාලන සමය තුළ එනම් ක්‍රි.ව 1891 H.C.P බෙල් මහතා අනුරාධපුර විජයාරාමය ආශ්‍රිතව ආරාම සංකීර්ණය පිළිබඳව වාර්තා කරන ලදී. ස්තූපය, බෝධිඝරය, පිළිමගෙය, උපෝසථාඝරය යන පූජනීය අංග කේන්ද්‍රීය අවශ්‍යතාවයකට ඒකරාශී කිරීම මෙම සම්ප්‍රදායේ ප්‍රධාන ලක්ෂණයකි. කේන්ද්‍රීය මලුවක පිහිටා තිබෙන මෙම පූජනීය අංග ප්‍රමාණයෙන් කුඩාය. මෙම අංගවලට අමතරව මෙම විහාර සංකීර්ණය තුළ නේවාසික කුටි, දාන ශාලා, ජන්තාඝර දක්නට ලැබේ.
පබ්බත විහාර ආශ්‍රිතව දක්නට ලැබෙන සුවිශේෂී අංගයක් වනුයේ විහාර සංකීර්ණය වටා දක්නට ලැබෙන දිය අගලයි. අනුරාධපුර විජයාරාමය ආශ්‍රිතව ශේෂිතව පවතින දිය අගල ගමන්ගත් මාර්ගය මෙයට නිදර්ශන සපයයි. ස්වභාවික දිය සීරාවක් ආරාමික වාස්තු විද්‍යාවට බද්ධ කිරීමක් මෙයින් දක්නට ලැබෙන අතර මැණික්දෙන වැනි ස්ථානයන්හි මෙම දිය අගල පූජනීය මලුව වටා දිවෙන ආකාරයක් දක්නට ලැබේ.
පූජනීය අංග, නේවාසික ගොඩනැගිලි යන සියලු ආරාමික වාස්තු විද්‍යාත්මක අංග වටා ශිලාමය ප්‍රාකාරයක් දක්නට ලැබීමද සුවිශේෂීත්වයයි.
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.